ජර්මන් මුදල් ඇමැතිවරයා දිවි නසාගනී



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයත් සමඟ හටගත් ආර්ථික අර්බුදය මුල්කොට ගනිමින් දැඩි මානසික පීඩාවට පත්වී සිටි ජර්මනියේ හෙස් පළාතේ මුදල් ඇමැතිවරයා දිවිනසාගෙන ඇතැයි ජර්මන් පුවත් සේවා වාර්තා කර තිබේ.

මෙසේ දිවිනසාගෙන ඇත්තේ අවුරුදු 54 ක් වයසැති තෝමාස් ෂෆේර් ය. මුදල් ඇමැතිවරයාගේ සිරුරු දුම්රිය මාර්ගයක් අසල දී හමුවී ඇති බව ජර්මන් පුවත් සේවා වාර්තා කර තිබේ. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මුදල් ඇමැතිවරයා දිවි නසා ගෙන ඇති බවය.

හෙස් පළාත පිහිටා ඇත්තේ ජර්මනියේ මූල්‍ය අගනුවර ලෙස සැලකෙන ෆ්රැන්ක්ෆර්ඞ්හිය. තෝමාස් ෂෆේර් හෙස් ප්‍රාන්තයේ මුදල් ඇමැතිවරයා ලෙස වසර 10 ක් කටයුතු කළේ යැයි පැවැසෙයි.

ජර්මනියේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන 62,000 පසු කර ඇති අතර, මරණ සංඛ්‍යාව 500 පසු කර තිබේ. මේ අතර වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 10,000 ට ආසන්න යැයි ද පැවැසෙයි.

ෆ්රැන්ක්ෆර්ට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS