ජපන් ලෝක උරුමය: ‘ශූරි’ මාලිගය ගිනිගනී



යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද සැලකෙන ජපානයේ ඔකිනාවා දූපතේ පිහිටි ශූරි මාලිගය ගිනිගෙන වැනසී ගියේ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ගිනි නිවන භටයන් පැය 10 ක් තිස්සේ ගින්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරූ බව පැවැසෙයි. ලී වලින් ඉදි කළ මෙම මාලිගය අවුරුදු 500 ක් පැරැණිය. දෙවැනි ලෝක යුද්ධයේ දී මෙය මුළුමනින්ම විනාශ වී ගිය අතර, එය තිබූ අයුරින් යළි ඉදිකෙරුණු බව පැවැසෙයි.

ටෝකියෝහිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS