ජනපති ට්‍රම්ප් ජය සමරයි



දෝෂාභියෝගය පරාජය කරමින් ලැබූ ජය සමරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සිය දේශපාලන එදිරිවාදීන්ට බැණ වැදුණේය. ට්‍රම්ප් මෙසේ බැණ වැදුණේ, ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

‘මා ජීවිත කාලය පුරා වැරදි කරලා තිබෙනවා. මා ඒක පිළිගන්නවා. ඒත් දෝෂාභියෝගය අදාල චෝදනා සම්බන්ධයෙන් මා වරදකරුවකු නොවෙයි. මා සියලු චෝදනාවලින් නිදහස්.’ යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන්ට පැවැසුවේ, ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වන වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ සිරස්තරලය ඔවුන්ට පෙන්වමිනි. වොෂින්ටන් පුවත්පතේ ඊයේ (6) දිනයේ ප්‍රධාන සිරස්තලය වූයේ ‘ට්‍රම්ප් නිදෝස්’ යන්නය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS