ජනතා විශ්වාසය දිනා ගන්න පොලිසිය උත්සහ කරයි



එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳී ඇතැයි චෝදනා එල්ල වීමත් සමඟ බිඳී ගිය එම විශ්වාසය නැවැත ඇතිකර ගැනීමට ආරක්ෂක අංශ නව ‘මෙහෙයුමක්’ ආරම්භ කර ඇතැයි මේල් ඔන්ලයින් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ලන්ඩන්, මැන්චෙස්ටර් ඇතුළු එංගලන්තයේ ප්‍රධාන නගරවල ආරක්ෂාව තහවුරු කිරීමට යෙදවූ පොලිස් නිලධාරීන් ඉතා සුහදශීලීව බි්‍රතාන්‍ය වැසියන් සමඟ ගත් ඡායාරූප පෙළක් ද මේල් ඔන්ලයින් වෙබ් අඩවිය විසින් පළ කරනු ලැබ ඇත.

රටේ ආරක්ෂාව තර කිරීමට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ උපදෙස් ලබා දී ඇත. ලන්ඩන් අගනුවරට පමණක් විශේෂ ආරක්ෂාවක් සැපැයෙයි. ඒ වෙනුවෙන් පොලිසිය පමණක් නොව හමුදාව ද යොදවා ඇත. සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම දිගටම සිදුවන බව ද වාර්තාවේ.

මැන්චෙස්ටර් නුවර රඟහලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු සල්මාන් අබේදිය. ඔහු බෝම්බය පුපුරුවා ගන්නා අයුරු සටහන් වී ඇති සී.සී.ටීවී. ආරක්ෂක කැමරා දසුන් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කිරීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ වනවිට බෝම්බකරුගේ පියා පියා රාමදාන් සහ බාල සොයුරු හෂීම් ලිබියාවේ දී අත්අඩංගුවට ගැනීම සිදුවිය. ඒ, බි්‍රතාන්‍ය රජය ලිබියා ආරක්ෂක අංශ වෙත කළ ඉල්ලීමකට අනුවය. පියා රාමදාන් සහ බාල සොයුරු හෂීම් ඇතුළු හත් දෙනෙකු ඉකුත් 24 වැනිදා අත්අඩංගුවට ගැණින.

සල්මාන් අබේදි ලිබියානු ජාතික මුස්ලිම් සම්භවයක් ඇත්තෙකි. මැන්චෙස්ටර් රඟහලට පහර දීමට දින කීපයකට පෙර, අබේදි ලිබියාවේ සිට පැමිණ ඇතැයි පොලිසිය විසින් අනාවරණ කර ගනු ලැබ තිබේ.

අබේදිගේ ඒ, බ්‍රිතාන්‍ය රජය සහ ආරක්ෂක අංශ කළ ඉල්ලීමකට අනුව ලිබියා ත්‍රස්ත මර්දන ඒකකය මගිනි. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ පමණක් නොව අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ ද සම්බන්ධකම් පවත්වන බවය.

(ඬේලිමේල්)

 


RECOMMEND POSTS