ජකර්තා හිටපු ආණ්ඩුකාවරයා හිරේ



ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර හිටපු ආණ්ඩුකාර බසුකි ටජාජා පර්නමා හට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ.

ඉස්ලාමීය ආගමට අපහාස කිරීම සහ ප්‍රචණ්ඩකාරීත්වය ඇති කිරීම යන චෝදනා යටතේ ඔහු හට සිර දඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් තමාට එල්ල වන චෝදනා ටජාජා විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු විසින් අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

2014 වසරේදී ජොකෝ විඩෝඩෝ එරට ජනාධිපති වීමෙන් අනතුරුව ජකර්තා ආණ්ඩුකාරවරයා ලෙස බසුකි ටජාජා පර්නමා පත් කරනු ලැබීය.

තිළිණි ද සිල්වා
(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS