චීනයේ ඇපල් කාර්යාලය වසයි



චීනයේ පැතිරෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් චීනයේ ස්ථාපිත කළ තම කාර්යාලය වසා දැමීමට ඇමෙරිකාවේ ඇපල් සමාගම පියවර ගෙන ඇත.

චීනයේ ඇපල් කාර්යාලය ලබන 9 වැනිදා තෙක් වසා තැබෙනු ඇතැයි ඇපල් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වී තිබේ. මේ වනවිට ඇමෙරිකන් ගූගල් සමාගම ද චීනයේ පිහිටි ඔවුන්ගේ කාර්යාලය වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කොරෝනා වයිරසය හේතුවෙන් ස්මාට් ෆෝන් ජංගම දුරකතනවල මිල ඉදිරියේ දී ඉහළ යනු ඇති බව ද පැවැසෙයි. ඉන්දියාවේ ස්මාර්ට් ෆෝන් දුරකතන මිල මේ වනවිටත් ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

බීජීංහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS