ග්‍රීසියේ මුහුණු ආවරණ අනිවාර්ය කෙරේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ග්‍රීසිය මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ.

නිවසින් බැහැරව යන්නේ නම්, ප්‍රසිද්ධ ස්ථානවල ගැවසෙන්නේ නම් මුහුණු ආවරණ අනිවාර්යයෙන් පැලඳිය යුතු යැයි ග්‍රීක රජය පවසා තිබේ.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය ආරම්භ වූ අවස්ථාවේදී ග්‍රීසිය ද රට ලොක්ඩවුන් කළේය. ඒ අනුව, වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ග්‍රීක සෞඛ්‍ය බලධාරීහු සමත් වූහ.

කෙසේ නමුත් පසුගිය සති අන්තය වනවිට නව ආසාදිතයන් 202 ක් වාර්තා වූ අතර සමස්ත ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා ආසාදිතයන් ගණන 4,193 ක් ලෙස ඉහළ ගියේය.

ඇතන්ස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS