කොරෝනා මැද සාදයක් පවත්වලා



'කොවිඩ් 19' නව කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ තහංචි පනවා තිබියදී, ඒ ගැන කිසිදු තැකීමක් නොකර, සිය උපන් දිනය සමරමින් සාදයක් පැවැත්වූ නෝර්වේ අග්‍රාමාත්‍ය එර්නා සොල්බර්ග් ට දඩ නියම කළ බව එරට පොලිසිය කියයි.

නෝර්වේ සෞඛ්‍ය අංශ පනවා ඇති නීතිවලට අනුව, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගලයන් 10 දෙනකුට වඩා එක්රැස් නොවිය යුතු අතර, සැමවිටම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත යුතු වෙයි.

අග්‍රාමාත්‍යවරිය, එම සෞඛ්‍ය නීතී සම්බන්ධයෙන් පිළිබ‍ඳ කිසිදු තැනීමක් නොකර, පසුගිය පෙබරවාරියේ, සිය 60 වැනි උපන් දිනය සමර ඇත්තේ, කඳුකරයේ නිවාඩු නිකේතනයකදීය.

උපන් දිනය වෙනුවෙන් පැවැති සාදයට ඇය ඇගේ ඥාතීන් 13 දෙනකුට ඇරයුම් කර ඇත. සාදය සැලැසුම් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරිය සහ ඇගේ සැමියා එක් වෙමිනි.

කෙසේ නමුත් පුද්ගලයන් 10 දෙනකුට වඩා එක්රොක් විය නොහැකි යැයි යන තහංචිය හේතුවෙන් අග්‍රාමාත්‍යවරියට නොර්වේ ක්‍රව්න් (ක්‍රොන්) 20,000 ක් (ඇමෙරිකන් ඩොලර් 2,352) දඩ ගෙවීමට සිදුවී ඇති බව පොලිස්පති ඕලේ සොවාද් පවසයි.

'නීතිය කාටත් පොදුයි. අග්‍රාමාත්‍යවරිය කියා විශේෂත්වයක් නැහැ. වරදක් කළා නමහ් දඩුවම් ලැබිය යුතුයි.' යැයි පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍යවරිය කළ ක්‍රියාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙද්දී, ඇය, ඇය අතින් සිදුවුණු වරද සම්බන්ධයෙන් සමාව ඉල්ලීමක් කළාය. සෞඛ්‍ය නීති අනුව පොලිසිය ඇයට විරුද්ධව පියවර ගත්තේ පසුගිය 9 වැනිදාය.

රොයිටර්


RECOMMEND POSTS