කොංගෝවේ ඉබෝලා හිස ඔසවයි



අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වයිරසය පැතිර යමින් පවතින බවත්, මේ වනවිට 17 දෙනකු වයිරසය හේතුවෙන් මරණයට පත්ව ඇති බවත් එරට සෞඛ්‍ය අමත්‍යාංශය කියයි.

කොංගෝ සෞඛ්‍ය බලධාරීන් බිය පළ කර ඇත්තේ යළිත් වරක් ඉබෝලා වසංගත තත්ත්වයක් ඇති විය හැකි බවය. ඉබෝලා වයිරසය ආසාදනය වුණු රෝගීන් 21 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද පැවැසෙයි.

කොංගෝවේ යළි ඉබෝලා වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, මේ වනවිටත් විදෙස් වෛද්‍ය කණ්ඩායම් කොංගෝවට යවා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS