කුකුළාට ඇන්දවූ ට්‍රම්ප් !




බ්‍රිතාන්‍යෙය් පළවන ටෙලිග්‍රාෆ් ඇසුරෙනි......

ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට සමාන අපූරු ප්‍රතිමාවක් ඉදි කිරීමේ පුවතක් චීනයෙන් වාර්තාවෙනවා.

ඒ ට්‍රම්ප් ගේ හිසකෙස් හා ඔහු දෑත් දිගුකරන ආකාරයට සමාන හැඩහුරුකම් ඇති,අඩි 32 ක් උසැති  කුකුළෙකු ෂැන්සි පළාතේ ටයියුවාන් හි සාප්පු සංකීර්ණයක ප්‍රදර්ශනය කිරීමෙනි.

 මෙය, ට්‍රම්ප් චීනයේ කුරුල්ලෙකුට සමාන කෙරුණු පළමු වතාව නොවේ.මීට කලින් ද චීනයේ හැන්ගග්සූ සත්ත්ව උද්‍යානයක සිටි පෙසන්ට් පක්ෂියෙකු ගේ හැඩරුව ට්‍රම්ප් හා සසඳා තිබුණි

එළැඹි උත්සව සමයේ සිය පාරිභොගිකයින් ගේ වැඩි අවධානයක් තම සාප්පු සාකීර්ණය වෙතත ඈදා ගැනීමේ අරමුණෙන් මෙම ප්‍රතිමාව නිමැවූ බවත් ,එසේ නොමැතිව ඔහුට අපහාස කිරීමේ අරමුණෙන් මෙය ඉදි නොකළ බව ටයියුවාන් සාප්පු සංකීර්ණයේ අයිතිකරැවන් සී.එන්.එන් පුවත් සේවයට පවසා ඇත.

පසුගිය දිනවල චීනය හා තායිවානය සම්බන්ධයෙන් සිදුකළ මතභේදයට තුඩු දුන් ප්‍රකාශ  ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ බලධාරීන් අතර ආන්දෝලනයක් ඇති කළද, එරට ජනතාව අතර නම් ඔහු තවමත් ජනප්‍රිය චරිතයකි.
ජනවාරි 28 දින උදා වන නව චන්ද්‍ර වර්ෂය කුකුළා ගේ වර්ෂය ලෙස සැලකෙන අතර මෙම නව වසරේ සම්ප්‍රාප්තිය ඉතා කලාත්මක අයුරින් සැමරීමට චීන ජාතිකයෙකු කටයුතු කර තිබේ.මෙම ප්‍රතිමාවද එවැන්නකි.

 

 තිළිණි ද සිල්වා 

 


RECOMMEND POSTS