කිඹුල්ලු 292 ක් මරලා



ඉන්දුනීසියාවේ කිඹුල් ගොවිපොලකට කඩා වැදුණු ගම්වැසියන් පිරිසක් එම ගොවිපොලේ සිටි කිඹුලන් 292 ක් පහර දී මරා දමා ඇති බව වාර්තා වේ.

මෙම ගොවිපොලේ යැයි සැක කෙරෙන කිඹුලකු 48 හැවිරිදි ගම් වැසියකු මරා දැමීම හේතුවෙන් කෝපයට පත් වුණු සෙසු ගම් වැසියන් කිඹුල් ගොවිපොලට කඩා වැදී කිඹුලන් මරා දැමූ බව පැවැසෙයි.

මෙසේ මරා දැමුණේ නැගෙනහිර ඉන්දුනීසියාවේ බටහිර පැපුවා පළාතේ පිහිටි කිඹුල් ගොවිපොලක කිඹුලන් බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS