කැටලෝනියාවට ප්‍රංශයෙන් අනතුරු



ස්පාඤ්ඤයෙන් වෙන්වී, නිදහස් රාජ්‍යයක් බවට පත් වීමට කැටලෝනියා ප්‍රාන්තය තීරණය කළොත්, ඔවුන්ට යුරෝපා සංගමයේ සාමාජිකත්වය හිමි නොවන බව යුරෝපා සංගමයේ ප්‍රධාන සාමාජිකයකු වන ප්‍රංශය අනතුරු ඇඟවීමක් කර තිබේ.

කැටලෝනියා ප්‍රාන්තය ස්පාඤ්ඤයේ කොටසකි. කැටලෝනියා ප්‍රාන්ත වැසියන් සහ ප්‍රාන්ත බලධාරීන් උත්සාහ ගන්නේ ස්පාඤ්ඤයෙන් වෙන් වී වෙනම රටක් වීමටය. ස්පාඤ්ඤය මේ වනවිට යුරෝපා සංගමයේ සාමාජිකයෙකි.

ස්පාඤ්ඤයේ පිලිප් රජු පමණක් නොව, ස්පාඤ්ඤ මධ්‍යම රජය පවා ඊට විරෝධය පළ කරයි. ස්පාඤ්ඤ මධ්‍යම රජයේ දැඩි විරෝධය මැද කැටලෝනියා ප්‍රාන්ත වැසියෝ ඉකුත් පළමු වැනිදා ජනමත සමීක්ෂණයක් පැවැත් වූහ. එහිදී බහුතරය කැමැත්ත පළ කළේ ස්පාඤ්ඤයෙන් වෙන්වීමටය.

(රොයිටර්/ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS