ඕස්ට්‍රේලියාවේ ෆේස්බුක් හුටපටේ



ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනවලින් ලබා ගන්නා පුවත්, ෆේස්බුක් සහ ගූගල් හරහා පළ කරන්නේ නම්, ගූගල් සහ ෆේස්බුක් ඒ වෙනුවෙන් එම මාධ්‍ය ආයතනවලට ගෙවීමක් කළ යුතු යැයි ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුව විශේෂ පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමත් සමඟ නව අර්බුදයක් නිර්මාණය විය.

අර්බුදය ඔඩුදුවන්න වූයේ ෆේස්බුක් සමාගම සහ ඕස්ට්‍රේලියා රජය අතරේය. ඊට ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් ආයතනය, ඕස්ට්‍රේලියාවට අදාල ප්‍රවෘත්තිහය වටිනාකමික් යුත් සියලු ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමට (බ්ලොක්) පියවර ගත්තේය.

ඕස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය සේවාවලට අදාල ෆේස්බුක් ගිණුම්, ළැව් ගිනි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සහ දත්ත ඇතුළත් වන ෆේස්බුක් ගිණුම්, හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුවත් කරන ෆේස්බුක් මෙසේ අවහිර කළ ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියා පුවත් සේවා වාර්තා කළේ ඕස්ට්‍රේලියා ෆේස්බුක් පරිශීලකයන් මිලියන 13 කට ෆේස්බුක් ජාලය අහිමි වුණු බවය. ඊට අමතරව, කුඩා ව්‍යාපාරිකයන්ගේ ගිණුම් ද ‘ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇතැයි’ පවසමින් අවහිර කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබේ.

ෆේස්බුක් ආයතනය මෙසේ ජනතාව අපහසුතාවට පත් කරන අන්දමේ තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා රජය සිය අප්‍රසාදය පළ කළ අතර, අවහිර කළ ගිණුම් සඳහා යළි ප්‍රවේශය ලබා දෙන්නැයි ෆේස්බුක් ආයතනයෙන් ඉල්ලීමක් කළ බව ද පැවැසෙයි. තමන් ඒ ගැන සලකා බලන බව ෆේස්බුක් සමාගම පවසා තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS