ඉන්දියාවේ කොරෝනා ලක්ෂ 60 පසු කරයි



ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂ 60 පසු කර තිබේ. ලෝකයේ කොරෝනා ආසාදිතයන් අතින් දෙවැනි ස්ථානයේ පසුවන්නේ ද ඉන්දියාවය.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 60 පසු කළේ ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 82,170 ක් වාර්තා වීමෙනි. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ මරණ 1,039 කි. ඒ අනුව ඉන්දියාවේ සමස්ත මරණ 95,574 කි. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන 6,074,702 කි.

මේ වනවිට ලොව සමස්ත කොරෝනා මරණ 1,002,401 තෙක් ඉහළ ගොස් තිබේ. ලොව සමස්ත ආසාදිතයන් ගණන 33,307,363 කි. තවමත් ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන 7,321,343 කි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ 209,453 කි.

නිව්යෝක්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS