ඉන්දියාවේ ආසාදිතයෝ මිලියන 5.82



ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 5.82 දක්වා ඉහළ ගොස් ඇත.

අවසන් පැය 24 ක කාලයේදී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 86,052 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 5,818,570කි. එරට වයිරසය ආසාදනය වී සුව වූ ගණන 4,756,164කි.

පසුගිය අගෝස්තු මාසයේ අග සිට සෑම දිනකදීම ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 80,000 ඉක්මවා වාර්තා වී ඇතැයි ද දත්ත වාර්තා පෙන්වාදෙයි.

අසල්වැසි ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී වයිරස ආසාදිත මරණ 1,141ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 92,290කි. අනෙක් රටවල් හා සැසඳීමේදී ඉන්දියාවේ වයිරස ආසාදිත මරණ අනුපාතය සියයට 1.6ක් තරම් අඩු අගයක පවතී.

ඉන්දියාවේ, වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,282,963කි.

(රොයිටර්)


RECOMMEND POSTS