ඉන්දියාව ඉතාලියත් පසු කරලා



ඉන්දියාවෙන් දිගින් දිගටම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වෙයි. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් නව ආසාදිතයෝ 57,118 ක් වාර්තා විය.

මේ වනවිට සමස්ත ආසාදිතයන් ගණන මිලියන 1.7 කි. මරණ වාර්තා වන්නේ 37,500 ක් ලෙසය. කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ වාර්තා වූ රටක් ලෙස සැලකෙන්නේ ඉතාලියයි.

කෙසේ නමුත්, ඉන්දියාව එම වාර්තාව අභිබවා ගොස් ඇත. ඉන්දියාව, එක් දිනකට වයිරස ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ 6,40,000 ක් සිදු කරන බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS