ඇෆ්ගන් බෝම්බයට පාසල් දරුවෝ බිලිවෙති



ඊසානදිග ඇෆ්ගනිස්තානයේ මාර්ගයක් අසල අටවා තිබුණු බෝම්බයක් පුපුරා යෑමෙන් උදෑසන පාසල් යමින් සිටි දරුවෝ අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එය පීඩන බෝම්බයකි. බෝම්බය පුපුරා ගොස් ඇත්තේ,එය එක් දරුයකුට පෑගීමෙනි. මියගිය දරුවන් අට දෙනාගෙන් හත් දෙනෙක් පිරිමි ළමයින් බවත් එක් අයකු ගැහැනු ළමයකු බවත් පැවැසෙයි.

පසුගිය සැප්තැම්බරයේ සිට මේ දක්වා ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිවිල් වැසියන් 1,174 ක් මියගොස් ඇතැයි පැවැසෙයි. බෝම්බය තලේබාන් ත්‍රස්තවාදීන් විසින් අටවනු ලැබූවක් යැයි සැකකෙරේ.

ඇෆ්ගනිස්තානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS