ඇමෙරිකාවේ ජනපද තුනක යළි ඡන්දය ගණන් කෙරේ



 

 

 (රොයිටර්)
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ විස්කොන්සින්, මිචිගන් සහ පෙන්සිල්වේනියා යන ජනපදවල ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක් වීමත් සමඟ ඊයේ (27) එම ජනපදවල යළි ඡන්දය ගණන් කිරීම ආරම්භ විය.
මෙම ජනපදවල ඡන්දය ගණන් කිරීම යළි සිදුවූයේ එම ජනපදවල අවසන් ප්‍රතිඵල, ඇමෙරිකාවේ සුළුතර පක්ෂයක් වන ‘ග්‍රීන්’ (හරිත) පක්ෂයේ අපේක්ෂිකා ජිල් ස්ටේන් අභියෝගයට ලක් කළ නිසාය.
මෙම ජනපද තුනේ ප්‍රතිඵල අනුව, පවතින ඡන්ද ප්‍රතිඵලයේ වෙනසක් සිදුවී ඩොනල්ඞ් ට්‍රම්ප් අභිබවා හිලරි ක්ලින්ටන් ජය ගැනීමට නම්, මෙම ජනපද තුනෙන්ම ට්‍රම්ප් පරාජය විය යුතුය. එහෙත් එවැන්නක් සිදුවිය නොහැකි යැයි දේශපාලන විශ්ලේෂකයෝ කියා සිටිති.
මෙම ජනපද තුනේ ඡන්දය යළි ගණන් කිරීමේ දී හිලරි ක්ලින්ටන්ගේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින්, නීතීඥ කණ්ඩායමක් ද එම ඡන්ද ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණය කරනු ඇතැයි ද පැවැසෙයි.

RECOMMEND POSTS