ඇමෙරිකා සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිපිරීමක්



ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ දකුණු දෙසින් පිහිටි ප්ලාන්ටේෂන් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක ප්‍රබල පිපිරීමක් සිදුවිය.

පිපිරීම සිදුවූයේ ගෑස් කාන්දුවක් නිසා බවත්, පුද්ගලයන් 20 දෙනකු එයින් තුවාල ලැබ බවත් වාර්තා වේ. ඔවුන්ගෙන් සිවු දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පිපිරීමෙන් වෙළෙඳ සංකීර්ණයට පමණක් නොව, එහි ඉදිරිපිට නවතා තැබුණු මෝටර් රථ රැසකට හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.

(රොයාටර්ස්)


RECOMMEND POSTS