අපේ අගමැති අපට පිටුපෑවා



පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තමන්ට පිටුපා ඇතැයි කොරෝනා වයිරසය හේතුවෙන් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කොටුවුණු පාකිස්තාන සිසු සිසුවියෝ චෝදනා නගති.

වූහාන් නුවර අධ්‍යාපනික ආයතනවල අධ්‍යාපනය සඳහා ගිය සිසු සිසුවියන් ආපසු ගෙන්වා ගැනීමට ඉම්රාන් ඛාන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව පැවැසෙයි.

වූහාන් සිටින එම සිසුන් පාකිස්තාන රජයේ බලධාරීන් සම්බන්ධ කිරීමට උත්සහ දැරුවත් එය අසාර්ථක වූ බව මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS