අක්‍රමිකතා චෝදනාවලින් බ්‍රසීල ජනපති නිදහස්



අක්‍රමිකතා චෝදනාවලින් බ්‍රසීල ජනාධිපති මිෂෙල් ටෙමර් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

2014 වසරේදී එරට පැවති මහ මැතිවරණයේදී බ්‍රසීල ජනපති විසින් අක්‍රමිකතා සිදු කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි. මැතිවරණ ව්‍යාපාරය අතරතුර නීති විරෝධී මුදල් ගණුදෙනු කළ බවට බ්‍රසීල ජනාධිපතිවරයාට එල්ල වී තිබූ  චෝදනා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුවයි.

කෙසේ වුවද මෙම චෝදනාවලට ඔහු වරදකරු වූයේ නම් එරට පවතින නීතීයට අනුව  ජනාධිපති ධූරයෙන්ද ඉවත්වීමට සිදුවේ.

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS