100 ක් යළි සමාජගත කෙරේ



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වැළඳී ඇතැයි ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපොළ ආසන්නයේ හමුදා කඳවුරක නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තැබුණු ජර්මන් ජාතිකයන් 100 දෙනකු සමාජගත කිරීමට ජර්මන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කළේය.

මෙසේ නිරෝධායනය කර තැබුණු ජර්මන් ජාතිකයන් පිරිස චීනයේ වූහාන් සිට පැමිණි අය යැයි පැවැසෙයි. මෙම පිරිස සති දෙකක් තිස්සේ හමුදා කඳවුරේ නිරෝධායන (වෙන් කර තැබීමේ) ක්‍රියාවලියට යොමු කෙරුණු බවත් දින 14 කට වැඩි කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු රෝග ලක්ෂණ කිසිවක් පහළ නොවූ බැවින්, ඔවුන් සමාජ ගත කිරීමට පියවර ගත් බවත් ජර්මන් සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තා උපුටා දක්වමින් ජර්මන් රජය පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS