‘ටර්මිනේටර්’ වරදකරු වෙයි



කොංගෝ රාජ්‍යයේ හිටපු කැරැලි නායක බොස්කෝ ටැගන්ඩා ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ වරදකරුවී ඇත.

බොස්කෝ ටැගන්ඩා ට තිස් වසරක සිරදඬුවමක් නිකුත් කිරීමට අධිකරණය තීන්දු කළේය. ඒ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙනි.

කොංගෝ රාජ්‍යයේ සිවිල් යුද්ධයක් පැවැතිණි. ඒ, 2000 සිට 2003 තෙක් කාලය පුරාවටය. එහිදී රජයට එරෙහිව කැරැලිකාර සන්නද්ධ කණ්ඩායම් මෙහෙයවීම කළේ ටැගන්ඩාය.

කොංගෝ වැසියන් බොස්කෝ ටැගන්ඩා හඳුන්වා දී ඇත්තේ ‘කොංගෝ ටර්මිනේටර්’ යන නමිනි. ජාත්‍යන්තර අධිකරණය හමුවේ පෙනී සිටිමින් බොස්කෝ ටැගන්ඩා ඔහුට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ, ඔහු ද සිවිල් යුද්ධයට මැදිවුණු තවත් සොල්දාදුවකු පමණක් බවය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය බොස්කෝ ටැගන්ඩා ට තිස් වසරක සිර දඬුවමක් නියම කළේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS