පාප්තුමා දෙපා සිපගනී



අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට නායකයන් පිරිසකගේ දෙපා සිපගත්හ.

දකුණු සුඩානයේ පැවැති සිවිල් යුද්ධය අවසන් කරගනිමින් ඇති කරගන්නා ලද “සාම ගිවිසුමට” සහයෝගය දැක්වීමක් ලෙස අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමො ජනාධිපති සැල්වා කීර් මයාර්ඩිට්, උප ජනාධිපතිනි නියන්ග්ඩෙන්ග් ඩි මේබියෝර්, විපක්ෂ නායක රීක් මකාර් යන නායකයන්ගේ දෙපා සිප ගත්හ.

දකුණු සුඩානයේ ජනාධිපතිවරයා, උප ජනාධිපතිනිය, විපක්ෂය නායකයා ඇතුළු දූත පිරිස දෙදින විශේෂ සංචාරයක් සඳහා වතිකානයට පැමිණි අතර ඔවුහු පසුගිය දා වතිකානයේ සැන්ටා මාර්ටා හි පාප් වහන්සේගේ නිල නිවසේදී පාප්තුමෝ මුණ ගැසුණාහ. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ දකුණු සුඩාන නායකයන්ගේ දෙපා සිප ගත්තේ එම අවස්ථාවේදී ය.

“සාමයෙන් සිටින්නැයි මම ඔබෙන් සහෝදරයෙක් වගේ ඉල්ලා සිටිනවා. මම මගේ හදවතින්ම ඉල්ලා සිටිනවා. අපි එකට ඉදිරියට යමු” යැයි පාප්තුමෝ එහිදි කීහ.

ජනාධිපති සැල්වා කීර් සහ වත්මන් විපක්ෂ නායක එවකට කැරැලිකාර නායකයකු වූ රීක් මකාර් අතර 2013 වසරේ ඇති වූ ගැටුම් හේතුවෙන් සිවිල් යුද්ධයක් ඇතිවිය. සිවිල් යුද්ධය හේතුවෙන් 400,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි විය.

යුද්ධය අවසන් කරමින් පසුගිය වසරේ දී ඔවුහු සාම ගිවිසුමකට අත්සන් තැබූහ.

ඒ.එෆ්.පී. සහ
රොයිටර් ඇසුරිනි

 


RECOMMEND POSTS