පාකිස්තාන විදේශ ඇමැති කුරේෂි හදිසියේ චීනයට



ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන්, ඉන්දියාව ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, පාකිස්තාන විදේශ ඇමැති ෂා මොහොමද් කුරේෂි චීනයේ බීජීං අගනුවරට පැමිණියේය.

ඉන්දියාව ඉන්දු කාශ්මීරයට ලබා දුන් විශේෂ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන්, චීනය ද දැඩි විරෝධයක් පළ කර ඇත. පාකිස්තානය පමණක් නොව, චීනය ද ඉන්දියාවේ අසල්වැසියන්ය.

කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන්, තම ‘විශ්වාසවන්ත මිතුරා’ චීනය සමඟ සාකච්ඡා කිරීම පාකිස්තාන විදේශ ඇමැතිවරයාගේ අරමුණ බව පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

බීජීංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS