නේපාලයේ ගම්මාන දෙකක් නායයයි



මහ වැසි හේතුවෙන් නේපාලයේ ප්‍රදේශ දෙකක සිදුවුණු නායයෑම්වලින් ගම්මාන දෙකක් මුළුමනින්ම පස්වලින් යටවිය.

ඊයේ (13) වනවිට පස් තට්ටු ඉවත් කරමින් මළ සිරුරු 12 ක් සොයා ගැනුණි. තවත් 36 දෙනකු අතුරුදන් බව පැවැසෙයි.

නායයෑමට හසුවුණු ගම්මාන පිහිටා ඇත්තේ බාරාබයිස් පළාතේය. බාරාබයිස් පළාත පිහිටා ඇත්තේ කත්මණ්ඩු අගනුවර සිට කිලෝ මීටර් 100 ක් දුරිනි.

2015 වසරේ නේපාලය කැලැඹූ මහා භූමි කම්පාවෙන් ද මෙම බාරාබයිස් පළාතේ නිවාස සහ ගොඩනැගිලිවලට දරුණු හානි සිදුවිය. බොහෝ දෙනෙක් එම භූමි කම්පාවෙන් ජීවිතක්ෂයට පත් වූහ.

කත්මණ්ඩුහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS