චීනයේ ඇමෙරිකන් තානාපති ඉවත් වෙයි



චීනයේ ඇමෙරිකන් තානාපති ලෙස කටයුතු කරන ටෙරී බැන්ස්ටඞ් එම ධුරයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි.

ඇමෙරිකා චීන සබඳතා සවිමත් කර ගැනීම වෙනුවෙන්, ටෙරී බැන්ස්ටඞ් කළ මෙහෙවර විශේෂයෙන් ඇගයීමට ලක් කරන බව ද පොම්පේඕ වැඩිදුරටත් පැහැදිලි කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. අයෝවා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරයකු ද වන 73 හැවිරිදි, ටෙරී බැන්ස්ටඞ්, චීනයේ ඇමෙරිකන් තානාපතිවරයා ලෙස කටයුතු කරන්නේ 2017 වසරේ සිටය. ඒ, ජනපති ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟය.

අද වනවිට චීනයත් ඇමෙරිකාවත් අතරේ දේශපාලනික වශයෙන් අර්බුද රැසක් නිර්මාණය වී ඇත. ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ යුද්ධයක් පවා පවතී.

චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වයිරසය, හොංකොං පාලනය ප්‍රදේශය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ක්‍රියාමාර්ග, දකුණු චීන මුහුදේ චීනය සිය බලය තහවුරු කැ ගැනීම ආදී අර්බුද රැසක් මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ චීනය අතරේ ‘නිරවි යුද්ධයක්’ පවතී.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS