ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරන්න සූදානම්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැති දෙවැනි හමුව අසාර්ථක වීමෙන් පසු, උතුරු කොරියා නායක කිම් ජොන් උන් පවසා ඇත්තේ, යළිත් වරක් ඇමෙරිකාව සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවත්, ඇමෙරිකාව නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කරාවියැයි අපේක්ෂාවෙන් ඒ හමුව පැවැත්වීමට මේ වසර අවසන් වනතුරු බලා සිටින බවත්ය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතර දෙවැනි හමුව පැවැත්වූයේ පසුගිය පෙබරවාරියේ වියට්නාමයේ හැනොයි අගනුවරය. මත ගැටුම් හේතුවෙන් හමුව අසාර්ථක විය.

උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණයට කැපවී එම කටයුතු ආරම්භ කර ඇති නමුත්, ඇමෙරිකාව පෙන්වා දෙන්නේ තමන් අපේක්ෂා කළ අන්දමට එම න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදු නොවන බවය. හැනොයි සාකච්ඡා අසාර්ථක වීමට එය එක් හේතුවක් විය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS