ඇමෙරිකන් පවුලක් මරා දමති



ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ පදිංචි ඇමෙරිකන් පුරවැසියෝ නව දෙනෙක් මෙක්සිකෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කළ වෙඩි ප්‍රහාරයකට ලක් වී ජීවිතක්ෂයට පත්වූහ.

ජීවිතක්ෂයට පත් වූයේ කාන්තාවන් තිදෙනකු සහ දරුවන් සිවුදෙනකුය. ඔවුන් එකම පවුලක සාමාජිකයන්ය. ලෙබැරොන් නමැති මෙම පවුල පදිංචිව සිට ඇත්තේ ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඇමෙරිකාවට අයත් උතුරුදිග තැන්නේය.

මොවුන් මොර්මෝන් ආගමික නිකායට අයත් පිරිසක් යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මොවුන් ගමන් කළ රථ පෙළට මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සාමාජිකයන් වෙඩි වරුසාවක් එල්ල කර ඇතැයි පොලිසිය පවසා ඇත.

උතුරු මෙක්සිකෝවේ ක්‍රියාත්මක ‘ලොස් චැපෝස්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සාමාජිකයන් වෙඩි තැබීම කරන්න ඇතැයි සැක කෙරේ. මෙක්සිකෝව ඇමෙරිකාවේ අසල්වැසියාය. මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි ආයුධ සන්නද්ධය. ලොව බිහිසුණු සන්නද්ධ කල්ලි ලෙස ප්‍රකට මොවුහු මෙක්සිකෝ පොලිසියට බියක් නොදක්වති.

ඇමෙරිකන් පුරවැසියන් ඝාතනය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වුණු බවත්, මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙහෙයුම්දිගටම සිදු කරන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත. අපරාධය සිදු කළ කිසිවකුට කිසිදු සමාවක් නොදෙන බව ද ජනපති ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS