ආසියානු දිළිඳු රටවල වයිරස බලපෑම අඩුයි



ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ඉතාලිය, ස්පාඤ්ඤය වැනි ධනවත් බටහිර රටවලට වඩා වැඩි ජනගහන ඝනත්වයක් පවතින දිළිඳු ආසියානු රටවලට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් එල්ල වන බලපෑම අඩුවීම සම්බන්ධයෙන් විද්‍යාඥයෝ සහ මහජන සෞඛ්‍ය බලධාරීහු මවිතය පළ කරති.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ඉන්පසු එය වේගයෙන් පැතිරෙන්න වූයේ ඉතාලියේ සහ ස්පාඤ්ඤයේය. අද වනවිට වයිරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ඇමෙරිකාවටය.

බටහිර රටවල් ලෙස සැලකෙන්නේ නැතත්, රුසියාව, බ්‍රසීලය පමණක් නොව ඉරානයෙන් ද ආාසදචිතයන් සහ මරණ වැඩි වැඩියෙන් වාර්තා වේ. ඉන්දියාවේ ආසාදිතයන් ගණන මේ වනවිට ලක්ෂය ඉක්මවා ඇත්තේ මරණ 3,163 ක් ද සමඟය.

සෙසු බටහිර රටවල් සමඟ සන්සන්දනය කර බලද්දී මෙය අඩු අගයක් බවත්, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව වැනි රටවලින් ද වාර්තා වන ආසාදියන් සහ මරණ සංඛ්‍යාව ඉතා පහළ අගයක් ගන්නා බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS