බලයේ ඉන්න ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නෑ



යළිත් වරක් ජනපතවීමේ පත්වීමෙන් අපේක්ෂාවෙන් සිටින රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කර ඇත්තේ, දිගටම බලයේ ඇලීගැලී සිටීමට තමා කිසිම අවස්ථාවක රටේ ව්‍යවස්ථාව වෙනස් නොකරන බවය.

රුසියානු ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන 18 වැනිදාය. පුටින් එයින් ජයග්‍රහණය කළොත් ඔහු ජනපති ධුරයට පත්වන සිවුවන අවස්ථාව එය වනු ඇතැයි පැවැසෙයි.

ජනපති ධුර අපේක්ෂකයකු ලෙස පුටින්, ඇමෙරිකාවේ එන්.බී.සී. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් විය.

චීන ජනාධිපති ෂී ජින් පින් මෙන්, සීමාවක් නැතිව දිගටම බලයේ රැඳී සිටීමට රුසියාවේ ව්‍යවස්ථාව වෙනස් කරනවාදැයි එහිදී එන්.බී.සී. නාළිකාව විමසීමක් කළේය.

‘මම ව්‍යවස්ථාව වෙනස් කරලා නැහැ. එහෙම කරනවා නම් කරන්නේ රටේ යහපතට. ජනතාවගේ යහපතට. මගේ පැවැත්මට නොවෙයි. 2024 වසරෙන් පස්සේ මම කොහොමත් කැමැති නැහැ ජනපති ධුරයේ ඉන්න.’ යැයි පුටින් පිළිතුරු දෙමින් කියා සිටියේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS