ඕමානය විදේශ රැකියා වීසා ගාස්තුව වැඩි කරයි



විදේශිකයන්ගේ රැකියා වීසා  ගාස්තුව 50%කින් වැඩි  කිරීමට ඕමාන රජය තීරණය කරයි.

මිනිස් බල අමාත්‍යංශයේ ටුවිටර් ගිණූම හරහා මෙම ගාස්තු වැඩිවීම නිවේදනය කළේය.

මේ අනුව පෞද්ගලික අංශයේ රැකියා යෝජකයින්ට විසා අලුතින් ගැනීමේදි හෝ අලුත් කිරීමේදි දැනට පවතින මුදල වන්නේ ඕමාන් රියාල් 201කි.

නව මිල සංශෝධනය අනුව ඕමාන් රියාල් 301ක්  ගෙවීමට සිදුවේ.

මෙය රජයේ ගැසට් පත්‍රය හරහා පල කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියේය.

විදේශ ශ්‍රමිකයින් 1,824,282ක් ඕමානයේ සේවය කරන බව රජයේ බලධාරින් විසින් කරන ලද සමීක්ෂණයකදී අනාවරණයවී ඇත.

අඩුවෙන තෙල්මිල හේතුවෙන්  2016දී රාජ්‍ය අයවැයේදි වියදම් අඩුකරන බවටත්, ජනතාවගෙන් බදු අය කරගන්නා බවට  ඕමාන රජය කලින් ප්‍රකාශකර තිබුණි.

2016 මුල් මාස 7 ඇතුළත අයවැය හිගය ඕමාන රියාල් මිලියන 4,023.3ක්වේ.

එය 68%ක් දක්වා වර්ධනය වී ඇත.

 

 

(ජී.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS