සෞදි කුමරු බිල් ගේට්ස් හමුවෙලා



ඇමෙරිකා සංචාරයේදී සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ සෞදි ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සලමන් බින් අබ්දුල්ලාසිස් අල්- සවුඩ් ලෝකයේ ප්‍රධානතම ගුවන්යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම නැරඹීමට ගොස් ඇති අතර ගුවන්යානයක් නිෂ්පාදනය කරන විවිධ අදියරයන් සියැසින් දැකගැනීමේ අවස්ථාව හිමි වු බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතත වන සෞදි කුමරු රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් වන ගිවිසුම් කීපයකට අත්සන් කිරීමට සමත් වී ඇති බව වාර්තා වේ.

2030 දැක්ම අනුව සෞදි අරාබිය තුල යුධ කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් 2017 වර්ෂයේ මැයි මාසයේදි සෞදි අරාබියානු මිලිටරි කර්මාන්ත ආයතනය පිහිටුවීමට සෞදි රජය කටයුතු කළ අතර එම ආයතනය සහ බෝයිං සමාගම අතර ගිවිසුමක්ද අත්සන් කර ඇත.

ප්‍රහාරක ගුවන්යානා සහ හෙලිකොප්ටර් නඩත්තු කටයුතු සිදුකිරීමේ ව්‍යාපෘතියක් සෞදි අරාබිය තුල ආරම්භ කිරීමටදගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

පරිගණක ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන මයික්‍රෝ සොෆ්ට් ආයතනයේ නිර්මාතෘ, බිල් ගේට් ඔහුගේ නිවසේදී හමු වී ඇති අතර සෞදි අරාබිය තුල ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගිතා ව්‍යාපෘති කීපයකට සෞදි කුමරු අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS