ශ්‍රී ලංකාවේ නව කටාර් තානාපති



ශ්‍රී ලංකාවේ නව කටාර් තානාපතිවරයා ලෙස ජාසිම් බින් ජාබීර් ජේ.බී. අල් සුරූර් මහතා පත් කර ඇත.

දෙරටේ එකඟතාව පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා කටාර් රාජ්‍යයේ අති විශේෂ හා පූර්ණ බලතල ඇති තානාපතිවරයා ලෙස ජාසිම් බින් ජාබීර් ජේ.බී. අල් සුරූර් මහතා කොළඹ පිහිටි ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (20) සිය අක්තපත්‍ර පිරිනැමුවේය.

තානාපති රාෂිඞ් බින් ශෆීයා අල්-මාරී මහතා මීට පෙර ශ්‍රී ලංකාවේ කටාර් තානාපතිවරයා ලෙස කටයුතු කළේය. 


RECOMMEND POSTS