ලාංකිකයෝ 200 ක් හිරේ



සෞදි අරාබියේ සේවය සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් 200 කට අධික පිරිසක් එරට සිරගෙවල්වල දඬුවම් විඳින බව එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් අතරින් 57 දෙනෙක් සිර දඬුවම් විඳින බවත් අනෙක් පිරිස් නඩු අසා දඬුවම් දෙන තුරු නොයෙක් සිර කඳවුරුවල වෙසෙන බවත් පැවැසේ.

මෙම සිරකරුවන් අතරින් අති බහුතරය මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතවූවන් වන අතර අනාචාරයේ හැසිරීම් ඇතුළු එරට නීති උල්ලංඝණය කිරීම් නිසා සිරගත වූවන් වෙති.

මොවුන් වෙනුවෙන් නීති ආධාර සැපයිය හැකි සියලු අවස්ථාවන්හි ඒ සඳහා කටයුතු කිර්ීමට තානාපති කාර්යාල නිලධාරින් කටයුතු කරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

කෙසේ වෙතත් සෞදි අරාබියේ නීතිය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් නීති විරෝධී ක්‍රියාව්නගෙන් වැලඛී සිටින ලෙසත් එරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් ගෙන් තානාපති කාර්යාලය ඉල්ලා සිටිී. එමෙන්ම එරට සේවය සඳහා යාමට බලාපොරොත්තු වන්නේ නම් එහි නීතිය පිළිබඳ ඉතා හොඳින් හදාරන ලෙස ද ඉල්ලාසිටින බව  තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS