නිදහස් දින විශේෂ සැමරුමක්



ඉන්දියාවේ 74 වැනි නිදහස් දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් පසුගිය 15 වැනිදා කොළඹ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. ගෝපාල් බාග්ලේ මහතා ඉන්දීය ජාතික ධජය එසවීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණි.

විචිත්‍රවත් ඉන්දීය සංස්කෘතික අංග කිහිපයකින් ද මෙම උත්සවය සමන්විත විය.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු අමුත්තන් පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවස්න පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.


RECOMMEND POSTS