තානාපතිවරුන් හමුවෙලා



ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රක සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සහ ඊජිප්තු තානාපතිවරුන් දෙපළ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී නව විදේශ කටයුතු අමාත්‍යවරයාට සුභ පැතුම් එක්‌ කළ තානාපතිවරු දෙපළ තම රටවල් හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව හා ශ්‍රි ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අබ්දුල් හමීඩ් අබ්දුල් ෆාටා කසීම් අල් - මුල්ලා (Abdul Hameed Abdul Fattah Kazhim Al-Mulla) සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මහ්මුද් හේෂාම් මොහොමඩ් අස්රාන් (Mahmoud Hesham Mohamed Asran) යන මහත්වරුන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරුය.


RECOMMEND POSTS