ඩුබායි බක් මහ උළෙල



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ දේවානන්ද විද්‍යාල යේ ආදි සිසු සිසුවියන් සංවිධානය කරනු ලැබූ සිංහල අලුත් අවුරුදු උත්සවයක් ඉකුත් 13 වැනිදා ඩුබායි මම්සාර් උද්‍යාන යේදී පැවැත්විණි.

අනාගත පරපුරට ජාතික හා සංස්කෘතික වශයෙන් වැදගත් වන චාරිත්‍ර වාරිත්‍ර හුරු කිරීමේ අරමුණෙන් මෙම අවුරුදු උත්සවය සංවිධානය කළ අතර එහිදී අලුත් අවුරුදු සිරිත් විරිත්, ජන ක්‍රීඩා අංග සියල්ලක්ම පැවති අතර එයට දුවා දරුවන් රැසක් සහභාගී විණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ වෙසෙන විද්‍යාල දෙකෙහිම ආදි සිසු සිසුවියන් තම මව්බිමෙන් පිටත සිටියදී මෙවැනි අවුරුදු උත්සවයක් සංවිධානය  කිරීම සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගය වැඩිදියුණු කර ගැනීමක්ද සිදුවිණි.

මව්බිමෙන් පිට සිටියදී මෙවැනි අවුරුදු උත්සවයක් සංවිධානය කිරීමේදී අවශ්‍ය ආයිත්තම් සහ කැවිලි පෙවිලි සකස් කර ගැනීම ඉතා අපහසු කටයුත්තක් වුවද ආදි සිසු සංගම් දෙකෙහිම කැපවීම මෙම අවුරුදු උත්සවය ඉතා සාර්ථික ලෙසින් පැවැත්වූ බවද සංවිධායකයෝ පවසති.


RECOMMEND POSTS