ට්‍රම්ප්ගේ තීරණ මැදපෙරදිග සාමයට ලොකු බලපෑමක් කරාවි - පාප්තුමන් හමුවෙමින් පලස්තීන නායකා කියයි



 

ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස එම ධුරයට පත්වීමට ඩොනල්ඞ් ට්‍රම්ප් ගන්නා තීරණ මැදපෙරදිග සාමයට විශාල වශයෙන් බලපෑමක් කරනු ඇති බවත් ඊශ්‍රායල පලස්තීන සාම වැඩපිළිවෙළට එය බාධාවක් වනු ඇති බවත් තමන් බියෙන් පසුවන බව පලස්තීන නායක මොහොමද් අබ්බාස් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් හමුවී කියා සිටියේය.


පලස්තීන ජනාධිපති අබ්බාස් සහ සුදොතුම් පියාණන් අතරේ එම හමුව පැවැත්වූයේ ඉකුත් 14 වැනිදා වතිකානයේදීය. 


ට්‍රම්ප් පවසා ඇත්තේ තමා ජනාධිපති වුණු වහාම ඊශ්‍රායලයේ ටෙල් අවීව්හි ඇති ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසිලමට මාරු කරවන බවය. තානාපති කාර්යාලය මෙසේ ජෙරුසිලමට මාරු කිරීම හරහා ඊශ්‍රායල පලස්තීන සාම කතාවලට බාධා වනු ඇතැයි පලස්තීන නායක අබ්බාස් වැඩි දුරටත් පැහැදිලි කළේය.


ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය ගැන හෝ මැදපෙරදිග සාම කතා කෙසේ සිදුවන්නේ ද යන්න ගැන හෝ තම ප්‍රතිපත්ති ට්‍රම්ප් විසින් මෙතෙක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ නැත.

(රොයිටර්)


RECOMMEND POSTS