කොළරාව යේමන වැසියන් බිලි ගනී



යේමනයේ කොළරා වසංගතය හේතුවෙන් ගතවුණු දෙසතිය ඇතුළත 34 දෙනෙකු මියගොස් ඇති බවයි ඔවුන්ගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

යේමනයේ කොළරා වසංතයක් හිස එසවූයේ ‘හවුති’ ෂියා මුස්ලිම් සටන්කාමීන්, යේන රජය පෙරළා දැමීමත්, ඉන්පසු ගැටුම් හට ගැනීමත් අතරතුරේය.

රට පුරා රෝගීන් 2,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බවත්, යේමනයෙන් දිනෙන් දින රෝගීන් වාර්තා වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු වැඩි දුරටත් පෙන්වා දෙති.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS