කුවේට් රාජ්‍යය යුද සේවය අනිවාර්ය කරයි



2017 මැයි 01වන දිනට වයස අවුරුදු 18ට සම්පූර්ණ කරනු ලබන හෝ ඊට වැඩි පුද්ගලයින් යුධ පුහුණුව ලැබීම 2015 අංක 20 යටතේකෙටුම්පත් කරන ලද නීති ප්‍රකාරව අනිවාර්ය කර කුවේට් ජනාධිපති සන්නද්ධ මාණ්ඩලිකහමුදාඒකකය නිල වශයෙන් නිවේදනය කර ඇති බව බව Al-Qabas පුවත්පත වාර්තා කර ඇත.

අදාල තීරණය බදාදා සිටජනාධිපති සන්නද්ධ මාණ්ඩලිකහමුදාඒකකයමගින් ක්‍රියාත්මක කරනුලබයි.

යුධ පුහුණුව කල් දැමීම හෝ සහභාගි නොවී සිටීමට හෝ කිසියම් ආබාධයකට ලක්ව සිටී නම්  ඊට අදාලව කරුණු ඔප්පු කිරීමට හැකිවන පරිදි ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

ලිපි ලේඛන ඉදිරිපත් නොකරන පුද්ගලයින්ට එරෙහිව දඩුවම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති සන්නද්ධ මාණ්ඩලිකහමුදා ඒකකය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS