කුවේටයේ ගින්නක්



කුවේට් රාජ්‍යයේ අල්-රායි ප්‍රදේශයේ විශාල ගින්නක් ඊයේ උදෑසන (මැයි24) හටගත් බව කුවේට් ගිනි නිවිම් සේවා කාර්යාලය නිවේදනය කළේය.

කාර් විශාල සංඛ්‍යාවක් ගින්නට හසුවී විනාශ වී ඇති අතර ගිනි ගන්නා අවස්ථාවේදි විශාල ගිනි ජාලාවන් ප්‍රදේශය පුරා දක්නට ලැබුණු බව වාර්තා වේ.

ගින්නත් සමඟ විශාල දුම් වලාවන් පිටවු අතර දුම් වලාවන්ගෙන් ප්‍රදේශය වැසි ගොස් තිබූ බව වාර්තා වේ.

ගිනිගැනීමට හේතුවු කරුණු සෙවීම සඳහා මේ වන විටපරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS