එමීර් රාජ්‍යයේ ශිත සෘතුව ඇරඹේ. රියැදුරන්ට අනතුරු ඇඟවීම්



ශීත සෘතුව පැමිණීමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි ,අබුඩාබි  ඇතුළු ප්‍රධාන නගර රැසක උදය කාලයේ දැඩි මීදුම් සහිත සීත කාලගුණයක් මේ දිනවල පවතින හෙයින් එම නගරවල වාහන රියැදුරන් ඒ පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන්නැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

මෙලෙස ඉකුත් සඳුදා (05) සිට දැඩි මීදුම් සහිත කාලගුණයක් බලපා ඇත්තේ ඩුබායි ,අබුඩාබි ,සාජා නගර ආශ්‍රිත වන අතර එම නගර වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 දක්වා අඩුවී ඇතැයිද පැවසේ.

මෙම කාලගුණය ඉදිරි සතිය පුරාම පවතින හෙයින් එම නගර ආශ්‍රිතව  රිය අනතුරු සිදුවීමේ වැඩි ඉඩක් පැවතිය හැකි බැවින් වාහන රියදුරන් ඒ ගැන සැලකිල්ලෙන් සිටින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.

මේවනවිට සඳුදා (05) සහ අඟහරුවාදා (06) දිනයේදී රිය අනතුරු දෙකක් ඩුබායි එමිරේට්ස් මාර්ගයේදීත් , ඩුබායි සිට අබුඩාබි දේශාසීමා මාර්ගයේත් වාර්තා විණි.

මේ අතර ඩුබායි නගරයට බලපා ඇති දැඩි මීදුම් සහිත කාලගුණය නිසා ඩුබායි හි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා  ඇතුළු අහස්කුසට නැගී ඇති සියලුම උස් කුළුණු වසා දමමින් මීදුම් පැතීරී ඇති ආකරය විදහා දැක්වෙන් ඡායාරූප කිහියක් ඩුබායි පාලකවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධ කර තිබිණි.

(තිළිණි ද සිල්වා )

කාලීජ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS