හිසකෙස්වලින් මවන සිතුවම්



කපා ඉවත්කරන හිසකෙස් ආධාරයෙන් සිතුවම් නිර්මාණය කරන අපූරු ශිල්පිනියක් පිළිබඳව උතුරු මැසිඩෝනියාවෙන් වාර්තා වෙයි.

ස්වෙත්ලානා ග්‍රොස්ඩානොව්ස්කා වෘත්තියෙන් කේශලාවන්‍ය ශිල්පිනියක්.

සිය සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාදායකයන්ගෙන් කපා ඉවත් කෙරෙන හිසකෙස් භාවිතා කර සිතුවම් නිර්මාණය කිරීමට ඇය දක්වන්නේ අපූරු දක්ෂතාවයකි.

ලෝක ප්‍රසිද්ධ තාරකාවන් රැසක්ම ස්වෙත්ලානා අතින් මෙලෙස සිතුවම් වී ඇත.

එමෙන්ම හිසකෙස් කොටස්  විවිධ වර්ණවලින් යුත් අවස්ථාවල ඒවායින් මල් වැනි වෙනත් නිර්මාණ සිදු කරන බවත් ඇය පවසයි.

ඇය කළ සිතුවම් නිර්මාණ අතරට ටෙනිස් ක්‍රීඩක නොවැක් යොකොවිච්, අමෙරිකානු පොප් ගායිකා රිහානා, හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් වැනි තාරකාවන්ගේ රූ ඇතුළත්.

ස්වෙත්ලානා, සිය රූපලාවන්‍යාගාරයේම පොළොව මත කරන මෙම අපූරු සිතුවම් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත එක්කරයි.

එලෙස එක්කළ වීඩියෝ පට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇති අතර ස්වෙත්ලානාට දැඩි ප්‍රසිද්ධියක් ලබා දීමටත් එම නිර්මාණ සමත්වී ඇති බව සඳහන්.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS