සෙනෙට්වරියක දරු ප්‍රසූතියකට සැරැසෙයි



ඇමෙරිකන් සෙනෙට්සභික ටැමී ඩක්වර්ත් දරු ප්‍රසූතියකට සූදානමින් සිටින බවත්, ධුරයේ සිටිද්දී දරුවකු ප්‍රසූත කරන පළමු සෙනෙටර්වරිය වනු ඇත්තේ මැය බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

49 හැවිරිදි ටැමී ඩක්වර්ත්, හමුදා නිලධාරිනියක ලෙස ඉරාක යුද්ධයට ද දායක වූ තැනැත්තියකි. ඇය මවු පදවිය අපේක්ෂාවෙන් සිටින්නේ දෙවැනිවරට යැයි ද පැවැසෙයි.  ටැමී ඩක්වර්ත් ඉලිනොයි ජනපදය නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙටර්වරියකි.

(රොයිටර්)

 


RECOMMEND POSTS