වසරේ වාසනාවන්තම පුද්ගලයා



ජපානය මෙවරත් වසරේ වාසනාවන්තම පුද්ගලයා තේරීමට කටයුතු කර තිබේ.ඒ වෙනුවෙන් ඔවුන් ධාවන තරඟයක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙවර එය එය පැවැත්වුණේ  තරඟකරුවන් 5000කගේ පමණ සහභාගීත්වයෙනි. බටහිර ජපානයේ නිෂිනෝමියා සිද්ධස්ථානය මුල් වී මෙය සංවිධානය කර තිබුණි. එහි ප්‍රධාන ශාලාව තරඟයේ අවසානය ලෙස සනිටුහන් වන අතර ජයග්‍රහණය වෙනුවෙන් තරඟකරුවන් සඳහා ගමන් කළ යුතු මුළු දුර මීටර් 230කි.

වසරේ වාසනාවන්තම පුද්ගලයා තේරීම සඳහා බටහිර ජපානයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම ධාවන තරඟය මෙවරත් කා අතරත් කතාබහට ලක්විය.

හිරෝෂිමා නගරයෙන් ඉදිරිපත් වූ  විසි දෙහැවිරිදි යුකී යමමොටෝ මෙවර තරඟයේ ජයග්‍රාහකයායි.බටහිර ජපානයේ නිෂිනෝමියා දේවස්ථානය එරට  ව්‍යාපාරික සහ වෙළඳ  ප්‍රජාව අතර ප්‍රසිද්ධියක් උසුලයි.

එය මුල් වී වාර්ෂිකව සංවිධානය කරන වසරේ වාසනාවන්තම පුද්ගලයා තේරීමේ මෙම තරඟය 14 වන සියවසේ සිට පැවත එන බව එහි බලධාරීන් ප්‍රකාශ කළේය.තරඟයේ ජයග්‍රාහකයා  මේ වසරේ එහි වැදුම් පිදුම් කිරීමට භාග්‍යය හිමිකරගන්නා පළමු වැන්නා වන අතර එය වාසනාව ගෙන දෙන  බව ජපනුන්ගේ විශ්වාසයයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS