රවුම් ගැසූ කාර්එක විකුණනවා



විවාහ වීමට පෙර, බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ඇමෙරිකන් ටෙලි නිළි මේගන් මාකෙල් සමඟ එහෙමෙහෙ යමින් විනෝද වුණු සුඛෝපබෝගී මෝටර් රථය විකිණීමට තබා ඇතැයි වාර්තා වේ.

පැයට සැතපුම් 174 ක වේගයකින් 2017 වසරේ නිෂ්පාදිත අවුඩි මෝටර් රථයක් වන මෙය විකුණන බව පැවැසෙන්නේ පවුම් 71,900 (ඇමෙරිකන් ඩොලර් 94,000) ක මුදලකටය.

හැරී කුමරු සහ මේගන් මාකෙල් විවාහ වූයේ පසුගිය මැයි 19 වැනිදාය. ඔවුන් විවාහ ගිවිස ගත්තේ පසුගිය වසරේ නොවැම්බරයේදීය.

ඊට පෙර දෙදෙනා පෙම්වතුන් ලෙස ඇසුරු කළේ පැපොරාසි ඡායාරූප ශිල්පීන් මඟ හරිමිනි. පෙම්වතුන් ලෙස එසේ ඇසුරු කරද්දී හැරී කුමරු සිය ගමන් බිමන් සඳහා භාවිතා කළේ මෙම අවුඩි මෝටර් රථය යැයි පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS