මී මැසි රැවුලක්



ඊජිප්තුවේ පසුගිය දා පැවැති කෘෂිකර්ම ප්‍රදර්ශනයේදී කාගේත් සිත්ගත් අංගය බවට පත්වූයේ මී මැසි යට රැවුලයි. මී මැස්සන් යොදා ගනිමින් රැවුල් නිර්මාණය කර ගන්නේ 31 හැවිරිදි මොහොමද් අහ්රාස්ය.
කෘෂිකර්ම ප්‍රදර්ශනයේදී මී මැසි වගාව ගැන ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වුණු අතර, අහ්රාස්ගේ මී මැසි රැවුල ජනතාව ආකර්ශණය කර ගැනීමට සමත් වුණැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.
‘මී මැස්සන් කියන්නේ ප්‍රචණ්ඩකාරී අනතුරුදායක කෘමි විශේෂයක් නොවේ. අප උන් හොඳින් තේරුම් ගත්තොත්, උන් අපිව තේරුම් ගන්නවා’ යැයි අහ්රාස් මී මැසි රැවුල පිටින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් ද කළේය.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS