නොකළ යුත්තක් කළ වෛද්‍යවරයෙක්



කාන්තාවකගේ සම තුල ඇති මේදය ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදු කල කුවේට් ශල්‍ය වෛද්‍යවරයෙකු ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේදි වීඩියෝ කර තම ෆේස්බුක් සමාජ ජාල ගිණුම හරහා පළ කිරීම හේතුවෙන් වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට කුවේට් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශල්‍යර්මය සිදුකරන අවස්ථාවේදි කාන්තාව අඩනිරුවතින් සිටීමයි. 

වෛද්‍යවරයා තමගේ දක්ෂතාවයන් සහ හැකියාවන් පිළිබඳව පුරසාරම් දොඩන ආකාරය අදාල වීඩියෝ පටයේ සටහන් වී ඇති බව අල්-රායි පුවත්පත වාර්තා කළේය.

අදාල විඩියෝව ෆේස්බුක් සමාජ ජාල ගිණුම හරහා පළ වීමත් සමඟ කුවේට් සමාජ ජාල පරිශීලකයින් දැඩි කෝපයෙන් යුත්තව තම අදහස් ප්‍රකාශ කළ අතර වැඩි දෙනෙකුගේ අදහස වුයේ සදාචාර විරෝධි ක්‍රියාව සිදු කල ශල්‍ය වෛද්‍යවරයාට එරෙහිව නීතිමය පියවරයන් ගත යුතු බවය.

වෛද්‍යාචාර ධර්මයන් සහ මානුෂිය ගුණාංගයන්ට පටහැනි ආකාරයෙන් ක්‍රියාකල ශල්‍ය වෛද්‍යවරයාට එරෙහිව නීති මඟින් ක්‍රියා කිරීමට සෞඛ්‍ය බලපත්‍ර අධ්‍යක්ෂකට නියෝග කළ බව කුවේට් සෞඛ්‍ය අමාත්‍ය,  වෛද්‍ය ජමාඩ් අල්-හර්බි ප්‍රකාශ කළේය.

ශල්‍ය වෛද්‍යවරයාට ශල්‍යකර්මයන් සිදු කිරීම සඳහා නිසි නිපුණතාවයක් නොමැති බව පසුව තහවුරු වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS