තෑනෝස් අත්අඩංගුවට අරන්



මාවල් සුපිරි වීරයන්ට එරෙහිව ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර්’ චිත්‍රපටයේ ප්‍රබල නපුරා වන තෑනෝස් ටයිටන්වරයා ලෙස සැරැසුණු පුද්ගලයකු කැනඩා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

කැනඩා පොලිස් නිලධාරීන් පිරිසක් මාංචු දමා තෑනෝස් ලෙස සැරැසුණු එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ඡායාරූප මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ සහ සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇයිදැයි යන්න කැනඩා පොලිසිය මෙතෙක් අනාවරණය කර නැත.

කෙසේ නමුත් බොහෝදෙනාට මෙය හාස්‍යයට කරුණක් වී ඇත. ඒ බව සමාජ ජාල ඔස්සේ ඔවුන් පළ කළ අදහස්වලින් පෙනී යයි.  කොතරම් බලසම්පන්න වුවත්,  ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් නපුරා ලෙස තෑනෝස් කළ වරදට ඔහු අත්අඩංගුවට ගැනීමට කැනඩා පොලිසිය සමත් වුණැයි මාවල් රසික රසිකාවියන් අදහස් දක්වා ඇත.

ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝර් චිත්‍රපටයේ දෙවියකු මෙන් බලසම්පන්න තෑනෝස් නපුරා, සුපිරි වීරයන් ඇතුළු පෘථිවි වාසීන්ගෙන් භාගයක් මරා දමයි. ඒ, විශ්වයේ සමබරතාව ඇති කරමිණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS